ශ්‍රී ලංකාවේ අලුත්ම ආගම "ආගමික වින්දනය වූ කලී විඳින දුක් ප්‍රකාශ කිරීමත්, ඒ දුකට විරෝධය පලකිරීමත්ය. ආගම වූ කලී හිතක් පපුවක් නැති කුරිරු ලෝකයේ කරුණාබර හදවතය, හැඟීමෙන් තොර අචේතනික තත්ත්වයක සජීවී ආත්මයය. ජනතාවගේ අබිං ය". වර්ෂ 1844 දී මාක්ස් වාදය තුල එසේ සටහන් වූයේ ඇයි ? ආගමට නැඹුරු වූ, හුරු වූ, ගොදුරු වූ, පුද්ගලයා අබිං වලට ගොදුරු වූ පුද්ගලයා හා සමවේ යන්න තහවුරු කරනු පිණිසය. ආගමට ගොදුරු වූ අයෙක්ට තම ආගම හැර අන් කිසිවක් නිවැරදි නොවේ. අන්කිසිවෙක් නිවැරදි නොවේ. තම ආගම උත්තරීතරය. නිවැරදිය. එපමණක් නොව තම ආගම් කර්තෘ අසම සමය. උත්තරීතරය. ශ්‍රී ලංකාවේ මේ වන විට බිහි වී ඇති අලුත්ම ආගම "මහින්දාගමයි". මෙම නව ආගමේ බැතිමතුන්ට තම ආගමේ කර්තෘ මහින්ද රාජපක්ෂ යනු හිතක් පපුවක් නැති කුරිරු ලෝකයේ කරුණාබරම හදවතයි. සජීවී ආත්මයයි. තම කර්තෘ මහින්ද බොරු නොකියයි. සිහිනෙන්වත් වැරදි නොකරයි. සෑම විටකම නිවැරදි දෙයම කියයි. කරයි. තම අනුගාමිකයන්ට පමණක් නොව එසේ නොවන අයටද පිහිට වෙයි. කර්තෘ මෙන්ම අනුගාමිකයන්ද සර්වතොබද්‍රය. සර්ව සම්පූර්ණය. කර්තෘ මෙන්ම අනුගාමිකයෝ ද එසේ කියති. 2016 ජනවාරි 01 දා ත...
Posts
Showing posts from August, 2017